Posts

Showing posts from February, 2018

පුද්ගල සංවර්ධනය ඇතිකරවන බුදු දහම

Image
පුද්ගල සංවර්ධනය ඇතිකරවන බුදු දහම පුහුදුන් පුද්ගල තත්ත්වයේ සිට රහතන් වහන්සේ කෙනෙකු දක්වා වර්ධනය වීම පිළිබඳ යථාර්ථවාදී විග‍්‍රහයන් බෞද්ධ චින්තනය තුළින් ප‍්‍රකට කරනු ලබයි. මුළු බුද්ධ අනුශාසනය ම කැටිකොට දක්වන  ‘‘සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්තපරියෝදපනං, එ්තං බුද්ධානසාසනං”  යන ගාථා පාඨය ඉතා වැදගත් ය. මෙහි පුද්ගලයෙකුගේ සංවර්ධනය සිදුකරන මූලික සාධක තුනක් දැක්විය හැකි ය. පළමුවන අවස්ථාව සියලූ පව්කම්වලින් වැළකීම වේ. පාපය යනු දස අකුසල් බව පඨමපාපධම්ම සූත‍්‍රයේ පෙන්වා දී ඇත. සිතේ ප‍්‍රකෘති නිරෝගී ගුණය කෙලසන ක‍්‍රියාවන් පාපී අදහසින් යුක්ත ය. පුද්ගල සන්තානය වික්ෂිප්ත කරන, පහත් බවට පමුණුවන, විෂම කරන, තමාටත්, අනුන්ටත් අහිතකර වන ක‍්‍රියාවලීන් සිය ජීවිතයෙන් වළක්වා තබා ගැනීම ආරම්භක පියවරයි. මෙහි දී ස්වයං විනය අවධාරණය කෙරේ. උසස් මනසකින් හෙබි මනුෂ්‍යයාට කුසලාකුසල ධර්ම පිළිබඳ පැහැදිලි හා නිරවුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. මේ සඳහා දහම් දැනුම ඉතා වැදගත් ය. බුදු දහමෙහි පුද්ගලයා විසින් කරනු ලබන සචේතනික සියලූ ම ක‍්‍රියාවන් මූලික වශයෙන් කුසල අකුසල වශයෙන් ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකට බෙදෙ...

ක්‍රීඩාව සහ පුද්ගල සංවර්ධනය

පුද්ගල සංවර්ධනය යන සංකල්පය සලකා බැලීමේදී මිනිසාගේ කායික සංවර්ධනය මෙන්ම  මානසික සංවර්ධනය  ද වැදගත් වේ. කායික හා මානසික සංවර්ධනයෙන් යුතු පුද්ගලයන් රටක සංවර්ධන කාර්යයේදි එරටට සම්පතක් වේ. එවැනි පුද්ගලයෝ ඕනෑම තත්වයකට මුහුණ දීමේ ශක්තියෙන් හෙබි නිරෝගිමත් පිරිසක් වෙති. එබැවින් ක්‍රීඩාවත්, පුද්ගල සංවර්ධනයත් අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. ක්‍රීඩාව වනාහි, ඈත අතීතයේ පටන්ම මිනිස් ප්‍රජාව හා බද්ද වී පැවති දෙයක් වුව බව නොරහසකි. ඇතැම් විට ඈත අතීතයේ පටන්ම මිනිසා නොයෙක් ක්‍රීඩාවන්හි නිරත වූයේ එය තමාගේ සෞඛය තත්වය මනාසේ පවත්වාගෙන යාම සඳහා මහෝපකාරි වන බව දත් නිසාවෙන් විය හැකිය. ක්‍රීඩාව තුලින් ලැබෙන කායික නිරෝගී බව කෙනෙකුගේ මානසික වර්ධනය කෙරෙහි අතිශයින් බලපායි. මනසෙහි ඇතිවන ප්‍රසන්න බව මිනිසාගේ දෛනික කටයුතු කරගෙන යාමට රුකුල් දෙයි. ක්‍රීඩාවෙහි දී මානසික ඒකාග්‍රතාවයක් තිබිය යුතුවාක් මෙන්ම; ධෛර්යය, ආත්ම ශක්තිය හා ඉවසීම ද ඒ හරහා පුරුදු පුහුණු වීමට අවස්ථාව සැලසෙයි. ක්‍රීඩා කරන්නා ජයග්‍රහණයේදී උද්යෝගිමත් වන අතරම පරාජයේදී කම්පා නොවෙයි. පරාජිතයා ගැරහීමට ලක් නොකරයි. අවසානය දක්වාම ජයග්‍රහණය තෙක් කැප...