පුද්ගල සංවර්ධනය ඇතිකරවන බුදු දහම පුහුදුන් පුද්ගල තත්ත්වයේ සිට රහතන් වහන්සේ කෙනෙකු දක්වා වර්ධනය වීම පිළිබඳ යථාර්ථවාදී විග්රහයන් බෞද්ධ චින්තනය තුළින් ප්‍රකට කරනු ලබයි. මුළු බුද්ධ අනුශාසනය ම කැටිකොට දක්වන ‘‘සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්තපරියෝදපනං, එ්තං බුද්ධානසාසනං” යන ගාථා පාඨය ඉතා වැදගත් ය. මෙහි පුද්ගලයෙකුගේ සංවර්ධනය සිදුකරන මූලික සාධක තුනක් දැක්විය හැකි ය. පළමුවන අවස්ථාව සියලූ පව්කම්වලින් වැළකීම වේ. පාපය යනු දස අකුසල් බව පඨමපාපධම්ම සූත්‍රයේ පෙන්වා දී ඇත. සිතේ ප්‍රකෘති නිරෝගී ගුණය කෙලසන ක්‍රියාවන් පාපී අදහසින් යුක්ත ය. පුද්ගල සන්තානය වික්ෂිප්ත කරන, පහත් බවට පමුණුවන, විෂම කරන, තමාටත්, අනුන්ටත් අහිතකර වන ක්‍රියාවලීන් සිය ජීවිතයෙන් වළක්වා තබා ගැනීම ආරම්භක පියවරයි. මෙහි දී ස්වයං විනය අවධාරණය කෙරේ. උසස් මනසකින් හෙබි මනුෂ්‍යයාට කුසලාකුසල ධර්ම පිළිබඳ පැහැදිලි හා නිරවුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. මේ සඳහා දහම් දැනුම ඉතා වැදගත් ය. බුදු දහමෙහි පුද්ගලයා විසින් කරනු ලබන සචේතනික සියලූ ම ක්‍රියාවන් මූලික වශයෙන් කුසල අකුසල වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙ...
Comments
Post a Comment