ක්‍රීඩාව සහ පුද්ගල සංවර්ධනය
පුද්ගල සංවර්ධනය යන සංකල්පය සලකා බැලීමේදී මිනිසාගේ කායික සංවර්ධනය මෙන්ම මානසික සංවර්ධනය ද වැදගත් වේ. කායික හා මානසික සංවර්ධනයෙන් යුතු පුද්ගලයන් රටක සංවර්ධන කාර්යයේදි එරටට සම්පතක් වේ. එවැනි පුද්ගලයෝ ඕනෑම තත්වයකට මුහුණ දීමේ ශක්තියෙන් හෙබි නිරෝගිමත් පිරිසක් වෙති. එබැවින් ක්‍රීඩාවත්, පුද්ගල සංවර්ධනයත් අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි.
ක්‍රීඩාව වනාහි, ඈත අතීතයේ පටන්ම මිනිස් ප්‍රජාව හා බද්ද වී පැවති දෙයක් වුව බව නොරහසකි. ඇතැම් විට ඈත අතීතයේ පටන්ම මිනිසා නොයෙක් ක්‍රීඩාවන්හි නිරත වූයේ එය තමාගේ සෞඛය තත්වය මනාසේ පවත්වාගෙන යාම සඳහා මහෝපකාරි වන බව දත් නිසාවෙන් විය හැකිය.
ක්‍රීඩාව තුලින් ලැබෙන කායික නිරෝගී බව කෙනෙකුගේ මානසික වර්ධනය කෙරෙහි අතිශයින් බලපායි. මනසෙහි ඇතිවන ප්‍රසන්න බව මිනිසාගේ දෛනික කටයුතු කරගෙන යාමට රුකුල් දෙයි. ක්‍රීඩාවෙහි දී මානසික ඒකාග්රතාවයක් තිබිය යුතුවාක් මෙන්ම; ධෛර්යය, ආත්ම ශක්තිය හා ඉවසීම ද ඒ හරහා පුරුදු පුහුණු වීමට අවස්ථාව සැලසෙයි. ක්‍රීඩා කරන්නා ජයග්රහණයේදී උද්යෝගිමත් වන අතරම පරාජයේදී කම්පා නොවෙයි. පරාජිතයා ගැරහීමට ලක් නොකරයි. අවසානය දක්වාම ජයග්‍රහණය තෙක් කැප වෙයි. ක්‍රීඩා පිටියේදී ලබා ගන්නා මෙවැනි අත්දැකීම් සාමන්‍ය ජීවිතයේදී ප්‍රගුණ වීමෙන් මනා පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් පිරිසක් බිහි වීමට හේතු වේ. එවැනි පුරවැසියන් අතර ක්ෂණික කෝපය, ඊර්ෂ්‍යාව, අන් මත නොඉවසීම වැනි සමාජයට හානි කර වන ආකල්ප ඇති නොවෙයි. මෙවැනි පුද්ගල කණ්ඩායමක් සමාජයට එකතු වීම, රටට ආදර්ශයකි.
වර්තමානය වන විට, ක්‍රීඩාව යනු පුද්ගල සංවර්ධනයෙන් ද ඔබ්බට ගොස් රටකට ජාත්‍යන්තරය ජය ගැනීමේ අවස්ථාවක් බවටද පත්ව ඇත. ලෝකයේ සෑම රටක්ම පාහේ ක්‍රීඩාව උදෙසා විශාල මුදල් සම්භාරයක් වාර්ශිකව වියදම් කරනු ලබන්නේ එම තත්වය තේරුම් ගැනීම නිසාවෙනි. උදාහරණයක් ලෙස කුඩා දිවයින් රාජ්‍යක් වන ශ්‍රී ලංකාව වර්ෂ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමත් සමගම ශ්‍රී ලංකාවට බොහෝ දොරගුලු විවර විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට එකී ජයග්‍රහණය හේතු විය. ඒ අනුව වර්තමානයේ, ක්‍රීඩාව යනු රටකට සම්පතක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේද වාර්ෂික අයවැයෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ක්‍රීඩා කටයුතු නගා සිටුවීම සඳහා වෙන් කරනු ලබයි. එසේම, ප්‍රචලිත ක්‍රීඩා වෙනුවෙන් පාලක මණ්ඩල ද පිහිටුවා ඇත. නමුත් ඇතැම් අවස්ථා වලදී එලෙස ඇති කරනු ලැබූ යාන්ත්‍රණ වලින් අපේක්ෂිත ප්‍රථිපල අත්වන්නේද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයක් මතුවේ. එසේ හෙයින් එවැනි දුර්වලතා මඟ හරවා ගනිමින් නගරයට පමණක් සීමා නොවී ග්‍රාමීය ප්‍රදේශ ද ආවරණය වන පරිදි මෙරට ක්‍රීඩා ක්ෂේත්රය නගා සිටුවීම සංවර්ධනය කරා යන ගමනේදී අත්‍යවශ්‍ය කරුණක් වන බව සිහි තබා ගත යුතුය
Superb ❤️🔥 short and very important . Keep it up ✌️
ReplyDeleteYa that ' s true
DeletePatta
ReplyDeleteSira😉👍
DeleteSuperb 👍
ReplyDeleteVery important 👍
ReplyDelete