ප්‍රාග් ඓතිහාසික සමාජය
කාල්මාක්ස්ගේ සමාජ
විග්‍රහයේදී ඔහු විසින් දක්වන ප්‍රථම යුගය ප්‍රාග් ඓතිහාසික සමාජය යි. මේ
තුළ මිනිසුන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ අවශ්‍යතා සරල ඒවා විය.
මේ තුළ තරගකාරීත්වයක්ද දක්නට නොලැබුණු අතර, ක්‍රමයෙන් සමාජ වර්ධනයත් සමඟ
අවශ්‍යතා සංකීර්ණ වීමත්, සම්පත් සීමිත වීමත් සිදු විය. එම ක්‍රියාදාමය
දඩයම් යුගය, එඬේර යුගය, ගොවි යුගය යන යුග තුන ඔස්සේ සමාජ වැඩ පිළිබදව
අවධානය යොමු කිරීමෙන් පැහැදිළි වේ.
පටුන
ප්‍රාග් ඓතිහාසික සමාජයේ වැඩ යනු කුමක් ද ?
වැඩ යන්න පිළිබඳ දැක්වීමේදී මිනිසුන් ලොව පහළ වූ දිනයේ සිට සෑම පුද්ගලයෙක්ම නිරතුරුවම යම් යම් වැඩ වල නිරත වීමක් දක්නට ලැබේ. ඒ අනුව මානව ඉතිහාසය පටන් ගැන්මේ සිටම වත්මනය දක්වාම වැඩ පිළිබඳව සාරාංශ කිරීමක් කළ නොහැක. වැඩ යනු සමාජමය කාර්යයක් මිස පෞද්ගලික කාර්යයක් නොවේ. මිනිසුන් තනි තනි පුද්ගලයන් ලෙස විවිධ වැඩ වල නිරත වුවද, එය සිදු වන්නේ සමාජමය නිෂ්පාදනමය ජාලයක් තුළය. ඒ අනුව මිනිසුන් එදිනෙදා වැඩ කරන්නේ තනි තනිව වුවද, එය සිදු වන්නේ සමස්ථ සමාජයේ අවශ්‍යතාවය මතයි.අතීතයේ සිටම මිනිසුන් වැඩ වල නිරත වූ අතර, අතීතයේ නියලුණු එම වැඩ සමාජ සංවර්ධනයත් සමඟ සංවර්ධනය වෙමින් වෙනස් වෙමින් ක්‍රමයෙන් වර්ධනය වීමක් දක්නට ලැබේ. ප්‍රාග් ඓතිහාසික සමාජයේ වැඩ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් සමාජ වැඩ පිළිබඳ ඓතිහාසික දෘශ්ටිකෝණයක් විවරණය වේ. මේ අනුව වැඩ සංකල්පය සෑම යුගයකටම සම්බන්ධ වන බව පැහැදිළි වේ. සමාජ වැඩ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී නූතනයේ පවතින වැඩ අතීතයේ පැවති වැඩ වලට වඩා වෙනස් වේ. මෙය තේරුම් ගැනීම සඳහා සමාජයේ පැවති එක් එක් යුග වල වැඩ සම්භන්ධ ව තොරතුරු සොයා බැලීම වැදගත් වේ. කාල්මාක්ස්ගේ විග්‍රහයට අනුව ඔහු විසින් යුග පහක් දක්වා ඇති අතර, මේ තුළ ඔහු දැක්වූ ප්‍රථම යුගය වන ප්‍රාග් ඓතිහාසික යුගයේ සමාජ වැඩ පිළිබඳව මෙසේ කරුණු දැක්විය හැකිය.ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සමාජය වර්ග කිරීම
කාල්මාක්ස්ගේ සමාජ විග්‍රහයට අනුව ප්‍රථමයෙන්ම ඇති වූ සමාජය වන්නේ ප්‍රාග් ඓතිහාසික සමාජය යි. එම සමාජය තුළ වැඩ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මාක්ස් දක්වන ආකාරයට පොදු දේපළ ක්‍රමයක් මෙන් ම මිනිසුන් රංචු වශයෙන් ජීවත් වීමක් දැකිය හැකි විය. මේ තුළ පුද්ගලයින් අතර පෞද්ගලික අයිතීන් නැත.ඒ නිසා කිසිඳු බෙදීමක් දක්නට නොමැති අතර කිසිඳු තරඟකාරීත්වයක් ද දක්නට නොලැබෙන බව මාක්ස් දක්වයි. මෙය ලෝකෙටම විවෘත වූ තත්වයක් බවද මාක්ස් දක්වයි. මේ සම්බන්ධ ව ලංකාවේ තත්වය සළකා බලන විට ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් දඩයම් යුගය, එඬේර යුගය සහ ගොවි යුගය ලෙස වර්ග කළ හැකිය. ප්‍රාග් ඓතිහාසික සමාජයේ වැඩ වල ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එක් එක් යුගයන් වෙන වෙනම සාකච්ඡා කිරීම වැදගත් වේ.- දඩයම් යුගය
- එඬේර යුගය
- ගොවි යුගය
දඩයම් යුගය
ලංකාවේ සමාජය තුළ ප්‍රථමයෙන්ම ඇති වූයේ දඩයම් යුගයයි. දඩයම් යුගය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මිනිසුන් සතුන් මරා ඔවුන්ගේ මස් අනුභව කරමින් ජීවත් වූහ. මේ අනුව දඩයම් යුගය තුළ ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ වශයෙන් වැඩ බෙදීමක් දක්නට ලැබුණි. ඒ අනුව පුරුෂ පාර්ෂවය දඩයමේ යාම සිදු කළ යුතු විය. ඔවුන්ට මසුන් මැරීම වැනි කාර්යයන් සිදු කළ යුතු විය. ස්ත්‍රීන්ට ආහාර එකතු කිරීම, දිය ගෙන ඒම, ආහාර පිසීම, දරුවන් රැක බලා ගැනීම හා පෝෂණය කිරීම ආදී වශයෙන් වැඩ බෙදීමක් දක්නට තිබුණි. සරල වශයෙන් මේ අනුව දඩයම් යුගය තුළ ප්‍රථම වරට වැඩ බෙදීමක් දැකිය හැකිය. එසේම සම්පත් පොදුවේ භුක්ති විඳි අතර, එදිනෙදා වශයෙන් අවශ්‍යතා සපුරා ගැනීමක් දක්නට ලැබීමත්, මේ නිසාම තරඟකාරීත්වයක් දැකිය නොහැකි වීමත්, සූරාකෑමක්ද සිදු නොවීමක් ලාංකීය දඩයම් සමාජය තුළ දක්නට ලැබිණ.
Comments
Post a Comment