පුද්ගල සංවර්ධනය යනු.
පුද්ගල සංවර්ධනය යනු.
පුද්ගලයෙකුගේ ජිවිතයේ හද ගැස්ම
ආරම්භ වනුයේ මව්කුස පිළිසිද ගැනීමත් සමගය.අයෙකුගේ උපතේ සිට මරණය දක්වා පුද්ගලයා
තුළ සිදු වන ශාරීරික, මානසික, ප්රජානන, භාෂා, චිත්තවේග, සමාජ සාදාචාර ආදී පුද්ගලයා තුළ සිදු
වන ක්රමික වෙනස්කම් මාලව පුද්ල සංවර්ධනය ලෙස හැදින්වේ.
පුද්ලගයා තුළ සිදු වන වෙනස්කම්
මාලාව පිළිබද අධ්‍යනය කරනු ලබන විෂය සංවර්ධන මනෝවිද්‍යාවයි. මෙහිදි අධ්‍යන පහසුව
තකා සංවර්ධන අවධි සංකල්පය වයස් කාල
පරිච්ඡේද ආදී වශයෙන් භාවිතා කෙරේ. නමුත් පුද්ගල සංවර්ධන අවධි වලට බෙදා
වෙන්කර දැක්වීම සිදු කරනු ලබන්නේ,
·
අවධි නම්කර ඇතිතේ පුද්ගල සාධක මුල් කර ගැනීමෙනි.
·
අවධී පසු කරන්නේ බොහෝ දුරට සමාන වයස් වලදීය.
·
අවධි ආපසු එවීම සිදු නොවේ.
·
එක් අවධියක සිට තවත් අවධියකට පිවිසිමේදී මුල් අවධියේ
චර්යා ලක්ෂණ එම අවධියේද දැකිය හැකිය.
·
අවධි සළකා බලන වයස් ආසන්න ඒවා වේ.
පුද්ගල ජිවිතයේ ප්‍රධාන අවධින් 3 කට බෙදා දැක්විය හැකිය.එනම්,
ළමා,තරුණ,වැඩිහිටි යනුවෙනි. මෙම කාලපරිච්ඡේද ත්‍රිත්වයේ පුද්ගලයා තුළ ප්‍රමාණාත්මක
වශයෙන් මෙන්ම ගුණාත්මක වෙනස්කම් වෙනස්කම් සිදු වේ. මානසික සිදු වන වෙනස් ගුණාත්මක
වෙනස්කම් වේ.එය දෘෂ්‍යමාන නොවේ.ප්‍රමාණාත්මක වෙනස්කම් අතර ශරීරයේ බර
,උස,පෝෂණය,වාග්මාලාව සිදු වන වෙනස් වීම වේ.
පුද්ගල සංවර්ධනයේදී මෙසේ වෙන් කර දැක්වුවද මේවා එකිනෙකට බැදී ඇති බව ද ප්‍රකාශ
කල හැකිය. එනම්, මේවා අතර එකිනෙකට අන්තර් සම්බන්ධතා පවතින බවයි. පුද්ගල සංවර්ධනය සැම පුද්ගලයෙකුටම එක සේ බල නොපායී.ඒ අනුව
පුද්ගල සංවර්ධන වලට බලපාන සාධක කිහිපයක් හදුනා ගත හැකිය.
·
ආර්ය හා පරිසරය
·
පරිණතය හා ඉගෙනුම
·
ලිංගිකත්වය
·
නිර්ණාල ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය
·
පෝෂණය
·
සමාජ සංස්කෘතිය
·
සම වයස් කණ්ඩායම්
·
ආත්ම සංකල්ප හෙවත් ස්ව සංකල්පය.
·
කර්මය,ස්වභාධර්මය,දෙවියන් වහන්සේ,විශ්ව ශක්තිය ආදී
පුද්ගලයෙකුගේ ඇති ස්වරූපය( මිනිස් ස්වරූපය) එක් ආකරයක් වුවත් පුද්ගලයාගෙන්
පුද්ගලයාට වෙනස් කම් ( කායික,මානසික,චිත්තවේගය) සිදු වන්නේ ඉහත සාධක මුල් කර ගෙනය.
එසේ නොමැති වුවහොත් සියළු මනුෂයෝ එකම ආකාරයක් වනු ඇති.
පුද්ගලයන්ගේ විවිධ හැසීරීම්, චින්තනයේ, බාහිර පෙනුම,ක්රියාකාරීත්වයේ
වෙනස්කම් ආදීයෙන් කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙනස්කම් සිදු වන්නේ ඉහත කරුණු
හේතුවෙනි.මේ හේතු නිසාම පුද්ගලයන්ට ඇති වන ගැටළු ද විවිධාකාර වේ.එම ගැටළුවට මුහුණ
දෙන ආකාරයද විවිධ ආකාර ගනී.
සංවර්ධන මනෝවිද්‍යාවේදි පුද්ගලයන්
උපතේ සිට මරණය දක්වා ප්‍රධාන අවධී 8කි තුළ සාකච්ඡාවට භාජනය වේ.
පුද්ගල සංවර්ධන අවධි.
අනු අංකය
|
අවධී
|
ප්‍රධාන සාධක
|
01.
|
පූර්ව ප්‍රසව අවධිය
( පිළිසිද ගැනීම සිට උපත දක්වා)
|
කායික වර්ධනය
|
02.
|
ළදරු විය
(මාස 0 සිට මාස 18 දක්වා)
|
ඉන්ද්‍රීය චාලක හැකියා වර්ධනය දළ භාෂා හැකියාවක්
|
03.
|
මුල් ළමාවිය / පෙර පාසල්විය
( මාස 18 සිට අවු 6 දක්වා)
|
භාෂාව මනා පටුත්වයක් ඇත.සමුහ ක්‍රියාකාරකම්වල යෙදේ.
|
04.
|
පසු ළමා විය
(අවු 6 සිට අවු 11 දක්වා)
|
වැඩිහිටියන් සේ ක්‍රියාකල හැකිය.කාණ්ඩ සමග කටයුතු කල
හැකිය.
|
05.
|
නව යොවුන් විය
(අවු 12 සිට අවු 21 දක්වා)
|
වැඩිවිය පැමිණිමෙන් ඇරඹේ.පරිණත වීමෙන් අවසන් වේ.
|
06.
|
තරුණ වැඩිහිටි විය
(අවු 21 සිට අවු 45 දක්වා)
|
රැකියාව පවුලෙහි දියුණුව
|
07.
|
මැදි වයස
(අවු45 සිට අවු 65 දක්වා)
|
වෘත්තීය ඉහළම අදියරට එළබේ.කැදැල්ල හිස්විමේ අර්බුදය
|
08.
|
මහළුවිය
(අවු 65 සිට මරණය දක්වා)
|
පවුලේ දක්ෂතා සාමාර්ථ පිළිබදව තෘප්තියට පත්වේ.
|
ජිවිතයේ මව් කුස පිළිසිද ගැනීමේ සිට කෙදිනක හෝ මරණය දක්වා ගමන් කිරිමේ දී සමහර
පුද්ගලයන් මේ අවධීන් සියල්ලත්, තවත් අයෙකු අවධීන් කිහිපයකුත් ගත කිරිමට ඉඩ ඇත.
කෙසේ වෙතත් මෙම ජිවිත කාලය තුළදී කායිකව රෝගී වනවාට වඩා විවිධ හේතූන් මත මානසික
රෝගී වන අවස්ථාවන් ගණන ඉතා අධිකය.
මානසිකව ඇති වන ගැටළු වලදී සමහර
ගැටළු තමාටමත් ,තවත් සමහර ගැටළු තවත්
අයෙකුගේ උපකාරයෙනුත් ,තවත් සමහර ගැටළු විද්වත් අයෙකුගේ සහයෝගයෙන් නිරාකරණය කර
ගැනීමට පුද්ගලයාට අවස්ථාව සැලසේ.
එසේ විද්වත් සහය දෙනු ලබන එක්
උපකාරක සේවාවක් ලෙස උපදේශන සේවාව හදුන්වා දිය හැකිය. පුද්ගල ගැටළු පුද්ගලයාගේම
හැකියාව මගින් විසදා ගැනීමට යොමු කිරිම පුද්ගලයාගේ හැකියාව වර්ධනය සිදු කිරිම
උපදේශනය මගින් සිදු කෙරේ.උපදේශනයේ මුලික අරමුණ වන්නේ පුද්ගල සංවර්ධනයයි.
උපදේශකයෙකු සාර්ථක උපදේශන සේවාවක යෙදීමට යෙදීමටනම් උපදේශන න්‍යායන්,ප්රවේෂයන්,ක්‍රමශිල්ප,
උපදේශන කුසලතාවයන් වර්ධනය කර ගත යුතු මෙන්ම පුද්ගල සංවර්ධන අවධි පිළිබද දැනුවත්භාවයකින්
යුක්ත විය යුතුය.
උපදේශනයේදී පුද්ගලයෙකුගේ සංවර්ධන
අවධීන් පිළිබද දැනුම ඉතා වැදගත් වේ. විශේෂයෙන් සදහන් කරනවානම් ඒ ඒ අවධි වල පුද්ගලයාගේ
කායික වර්ධනය සිදු වන්නේ කෙසේද? යන්න තේරුම් ගැනීමට කායික වර්ධනයේ සාමාන්‍ය
තත්ත්වය කුමක්ද ? සාමාන්‍ය තත්ත්වයෙන් එහා ගිය ගැටළුකාරී තත්ත්ව මොනවාද? ,එම
ගැටළුකාරී තත්ත්ව වලට මුහුණ පා සිටින පුද්ගලයන්ට එම තත්ත්ව අවබෝධ කරවීමට සැලැස්වීම
සිදු කරන්නේ කෙසේද? යන්න පිළිබද මෙමගින් තේරුම්ගත හැකිය. සම වයස් කණ්ඩායමක සිටින
එක් දරුවෙකු ශරීරයෙන් සාමාන්‍ය තත්ත්වයක සිටිමත්,තවත් දරුවෙකුගේ ශරීරය වැඩි නොමැති
වීමත් තුළ එම දරුවා ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පෑ හැකිය. එම තත්ත්වය සදහා, එනම්
කායික වර්ධනයට බලපාන ජානමය සාධක හා පෝෂණය පිළිබද අවබෝධයක් උපදේශකයා තුළ තිබිය
යුතුය.
එමෙන්ම එක් එක් සංවර්ධන අවධි වලදී
පුද්ගල චර්යාවන් විවිධාකාර වේ. ඒ ඒ අවධී වලදී සාමාන්‍ය චර්යාව කුමන ආකාර විය
යුතුද, අසාමාන්‍ය චර්යා මොනවාද? එම අසාමාන්‍ය චර්යාවන් ඇති වීමට කුමන හේතු බලපා
ඇත්තේද, යන්න තේරුම් ගැනීමට නම ඒ ඒ පුද්ගල අවධින් වල චර්යාවන්ගේ ස්වරූපය පිළිබද
අවබෝධයක් උපදේශකයාට තුළ තිබිය යුතුය.
එය උදාහරණයක් මගින් දක්වන්නේ නම්, පූර්ව ළමා වියේ සිටින දරුවෙකු තුළ අධි ක්‍රියාකාරී
චර්යාමය රටාවක් පැවතීම, එම චර්යාව තේරුම් ගැනීමට එම අවධිය තුළ ළමයාගේ සාමාන්‍ය
චර්යාව කුමන ආකාරයක ද යන්න පිළිබද අවබෝධයක් උපදේශකයාට තිබිය යුතුය.
ඒ ඒ පුද්ගල අවධින් වල පුද්ගල චර්යාවන් හැඩ ගැසීමට පවුලෙන්, පරිසරයෙන්,
දැනුවත්භාවයෙන්,ඉගෙනුමෙන්,පෝෂණයන්,සමාජ සංස්කෘතිය වැනි දෑ විශාල බලපෑමක් සිදු
කරයි. උපදේශකයෙකු සේවාදායකයෙකු තේරුම් ගැනීමේ දී ඔහුගේ සමාජ තත්ත්වය,පවුල්
පරිසරය,සංස්කෘතිය ආදී සේවා දායකයාගේ ගැටළුවකොතරම් දුරට බලපා ඇත්ද,එයට විසදුම් සොයා
ගැනීමට සේවාදායකයා යොමු කල යුතුද, යන්න තීරණය
කිරිමේදී මෙය ඉතා වැදගත් වේ. උදාහරණයක් මගින් මෙය දක්වන්නේ නම් පියා බීමතට
ඇබ්බැහිව මවට දැඩි ලෙස පහර දෙන පවුලක දරුවෙකු පසු කාලීනව විවාහය ප්‍රතික්ෂේප
කිරිමට පුලුවන. එය ඔහු හෝ ඇය පවුල තුළින් ගත් අත්දැකිමක් නිසා විය හැකිය.
එමෙන්ම ඒ ඒ අවධි වල පුද්ගල අවශ්‍යතා
පිළිබද ඉගෙන ගැනීමට පුද්ගල සංවර්ධනය පිළිබද ඉගෙනුම අත්‍යවශ්‍ය වේ.උදාහරණ ,තරුණ
වියේදී ආදරයක්,වැඩිහිටි වියේදී ආරක්ෂණිය අවශ්‍යතා ආදිය වේ.එමෙන්ම ඒ ඒ අවධි වලදී
ඇති වන සමහර ගැටළු ඒ අවධියටම සුවිශේෂි ඒවා වේ. උදා :- වැඩිහිටි වියේදී ඇති වන අනන්‍යතා
අර්බුදය,කැදැල්ල හැර යාම වැනි අවස්ථා වලදි වැඩිහිටියා පත් වන ගැටළුකාරී තත්වයන්.
මේ ආකාරයෙන් වු විවිධ ගැටළු
අර්බුධකාරී තත්වයන් තේරුම් ගැනීම උදේසා පුද්ගල සංවර්ධන අවධීන් පිළිබද ඉගෙනුම
උපදේශකයෙකුට වැදගත් වනු ඇත.
නව යොවුන් අවධිය හා ඒ පිලිබද දැනුට උපදේශකයකට වැදගත් වන
ආකාරය. (අවු. 12 සිට අවු. 21 දක්වා)
යොවුන්විය, ළමාවියත් වැඩිහිටිවියත්
අතර සංක්‍රාන්ති සමයක් ලෙස සැලකීමට පුලුවන. ඇතැම් විට ළමයෙකු ලෙසත් ඇතැම් විට
වැඩිහිටියකු ලෙසත් කටයුතු කිරිමට පෙළබේ.මෙම කරුණ යෞවනයේ අර්බුදයකාරී තත්ත්වයක් හට
ගැනීමට හේතු විය හැකිය.
මෙම අවධිය කාගෙත් අවධානයට ලක්වන අවධියකි.මිනිස්
ජිවිතයේ වැදගත් සිදුවීම් අතර, යමකුගේ අනාගතයට දැඩි ලෙස බලපෑ හැකි වෙනස්කම් රැසක්
මෙම වසර කිහිපය තුළ දක්නට ඇත.ඉතා ශිඝ්රයන් සිදුවන ශාරීරික වර්ධනය ,ප්‍රජනන
හැකියාව, දෙමාපියන්ගෙන් ස්වාධීන වීම, රැකියාවක නිරත වීම,ඡන්ද බලය ලැබීම ඇතුළු
අනෙකුත්වෙනස්කම් රැසක් මෙම කාලය තුල සිදු වේ.
මෙම සිදුවන වෙනස්කම් උපදේශකයෙකු විසින් දැනුවත් භාවයකින් යුක්ත විය යුතුය. විශේෂයෙන්
උපදේශකයෙකු,
·
යෞවනවියේදැකියහැකිලක්ෂණ
·
ඔවුන්ගේ අවශ්‍යතා
·
ඔවුනට ඇති වන ගැටළු
මෙම ගැටළු වලට බලපාන හේතු යෞවනවියේ
දැකිය හැකි ලක්ෂණ අතර පහත සදහන් වෙනස්කම් පිළීබද මනා වැටහීමකින්උපදේශකයෙකුටතිබිය
යුතුය. විශේෂයෙන් මෙම අවධියේදී සිදු යෞවනයා තුළ සිදු වන,
·
ශාරීරික හා ලිංගික වර්ධනය
·
සමාජ හා චිත්තවේග වර්ධනය
·
මනෝ විද්‍යාවේ වෙනස්කම්
·
බුද්ධි වර්ධනය
·
සදාචාරාත්මක වර්ධනය
පිළිබද උපදේශකයා දැනුවත් වී සිටිම
උපදේශන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මනා පිටුවහළක් වනු ඇත. විශේෂයෙන් නව යෞවනයා
මුහුණ දෙන ගැටළු අතර පහත සදහන් ගැටළු ප්‍රමුඛතාවයක් ගනී.
·
කායික වර්ධනය පිළිබද ගැටළු,
·
ලිංගේන්ද්‍ර යේ
වර්ධනය පිළීබද ගැටළු
·
අධ්‍යාපන අවස්ථා ඉටුකර ගැනීම පිළීබද ගැටළු
·
ආර්ථික අවශ්යා ඉටුකර ගැනීමේ ගැටළු
·
චිත්තවේගී අවශ්‍යතා ඉටු කර ගැනීමේ ගැටළු
·
සමාජීය අවශ්‍යතා ඉටු කර ගැනීමේ ගැටළු
·
නවීන තාක්ෂණය හා සම්බන්ධ ගැටළු
·
විවිධ විවසනයන්ට ලක් වීමේ ගැටළු,
ආදී කරුණු මත යෞවනයා තුළ ගැටළු
මතු විය හැකිය. මෙම ගැටළු තුළ යෞවනයා හැසිරෙන ආකාරය ,ඊට ප්‍රතිචාර දක්වන ආකාරය
එකිනෙකට වෙනස් වන්නේ ඔහුගේ පෞර්ෂවය අනුව වේ. එනමුත් ගැටළුකාරී තත්ත්වයට පත් වන
දරුවන් පිළිබද කටයුතු කිරිමේදී උපදේශකයෙකුට මේ පිළීබද අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය
වේ.
යෞවනෝදය එනම් ද්විතීක ලිංගික
ලක්ෂණ පහල වීමේ ආරම්භය හා අවුරුදු 18 ,එනම් නෛතික වශයෙන් වැඩිහිටියෙක් වීම දක්වා
පවතින්නකී.මෙම වයස් පරාසය යොවුන් වියට ඇතුළත් වන බැවින් එය “මුල්”,”මැදියම්”,”පසු” යොවුන්විය ආදී වශයෙන් සැලකීම වඩාත් සුදුසුය.
යොවුන්වියේ දරුවන්ගේ වර්ධන වේගය
එකිනෙකට වෙනස් වුවද වර්ධන රටාව සමානය.මෙම වියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කෙටි කාල
සීමාවක් තුළ උසින් වැඩිමය.දරුවා උස යනවාද යන්න රදාපවතින්නේ ප්රවේනිගත ගත සාධක හා
පෝෂණය මතය.උස යාම හා මහත් වීම පිළිබද තුරුණු වියේ
පසුවන දරුවන් නිතර විමසිල්ලෙන් පසු වෙතී. තමන්ගේ ස්වරූපය අන් අය හා සැසදීමට
පෙළබෙතී. ශාරීරික වර්ධනය මෙන්ම ලිංගික වර්ධනය ද ප්‍රවේනි ගත සාධක හා සාමාන්‍ය සෞඛ්‍ය
තත්ත්වයන් බලපායි.යමෙකුට තමන්ගේ වර්ධනය අන් අයගේ මෙන් සීඝ්‍රෙයන් සිදු නොවන්නේ නම්
හෝ සාමාන්‍ය තත්ත්වයට වඩා වේගයෙන් සිදු වන්නේනම් ඔහු හෝ ඇයට මානසික වශයෙන්
නොසන්සුන්භාවයක් ඇති වීමට හේතුවක් විය හැකිය.
ඇත්තෙන්ම මෙම ක්‍රියාවලියන්
සමුහයක එකතුවතක් ලෙස “Package” ලෙස සැලකිය හැකි බවත් එය
අනිවාර්යෙන්ම සිදු විය යුතු බවත් ඔවුන්ට පහදා දීම වැදගත්ය.විශේෂයෙන් සම වයස්
කණ්ඩායමේ සාමාජිකයන් උසින් වැඩි ශරීර ප්‍රමාණයෙන් විශාල අය වන විට තමා ( අදාළ සේවාදායකයා)
වර්ධනයේ මූලික අවස්ථාවේ සිටිමට පුළුවන. මෙම අයගේ පරිණත වීම ප්‍රමාද වීම පිළීබද
ආත්ම විශ්වාසයෙන් හා ආත්ම ශක්තියෙන් හීන වූ කාන්සාවෙන් පීඩිත තත්ත්වයකට පත්
වීමට පුලුවන.තමන් සාපේක්ෂව කුඩා
තත්ත්වයක සිටිය දී තම පන්තියේ මිතුරන් උස් මහත් වීම මානසික වශයෙන් අසහනික හා
දොම්නසට පත් වීමට පුලුවන.මේ ආදී ගැටළු පිළිබද මනා අවබෝධයකින් යුක්ත වීම
උපදේශකයෙකුට තම කටයුතු සිදු කර ගැනීමට
වැදගත් වනු ඇත.
යොවුන්වියේ පසුවන දරුවන්ගේ
හැසිරීම් රටාවන් පිළිබද අවබෝධයක් නොමැති දෙමාපියන්ට බොහෝ පීඩාවක් ගෙන දෙන්නක්විය
හැකිය.”මට හිතා ගන්න බෑ මේ ළමයා වෙනස් වෙලා තියෙන හැටි.මන් කියන කිසි දෙයක් අහන්නේ
නෑ,වාද කරන්නමයි එන්නේ ” ආදී ලෙස ප්‍රකාශ කල හැකිය. ඇත්තෙන්ම
සමහර යොවුන් වියේ දරුවන් කිසිදු කළබැගැනීයකින් තොරව යෞවනය ගෙවා දමන අතර තවත් සමහර
දරුවන් කළහාකාරී,ආත්මාර්තකාමී ,සැඩපරුෂ ලෙස
හෝ කතාබස් කිරිමට පුලුවන.ඉහත ගැටළු හමුවේ දෙමාපියන් කිසිදු අවබෝධයෙකින්
තොරව කටයුතු කිරිමත් පවුලේ හා සමාජමය අවශ්‍යතාවයන් පිළිබදව කතා නොකිරිමත් නිසා ඔවුන් මානසික වශයෙන් පිඩාවට පත් විය
හැකිය.මෙහි ප්රථිඵලය වන්නේ මානසික හා සාමාජීය වශයෙන් වර්ධනය දුබල වීමත්,විෂම
ලක්ෂණ වලින් හෙබි පෞර්ෂවයක් ගොඩ නැගීමත්ය.මෙවැනි හැසිරීම් රටාවන් යෞවුන් වියේ
කොටසක් ලෙස දෙමාපියන්ට අවබෝධ කර දීමට උපදේශකයාට මේ පිළිබද අවබෝධයක් තිබිම වැදගත්
වේ.
දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ
සමහර ආකල්ප හා චර්යාවන් යොවුන් වියේ දරුවන් අතර ගැටුම්කාරි තත්ත්වන ඇති වීමට හේතු
විය හැකිය.මේ තුළ දරුවන්ට පවුල තුල අප්‍රසන්න පරිසරයක් නිර්මාණ විය හැකිය. මේ
හේතුව තුළම යෞවන දරුවා වෙනත් සම්බන්ධතා ඇති කර ගැනීමටත්, නොයෙකුත් අපචාර සිද්දීන්
,සමාජ රෝගී ක්‍රියාවන්ට යොමු වීමටත් හැකිය.
යෞවුන් විය මානසික වශයෙන්
කැළඹිලි සහිත වුවකි.දරුවන්ට මෙය දරා ගැනීමට අපහසු විය හැකිය.යෞවුන්විය ස්වභාවිකව
පවතින ලක්ෂණයක් ලෙස සේවා දායකයාට වටහා දීමට
උපදේශකයා දැනුවත් වීම වැදගත් වේ.යෞවුන් දරුවන් ලිංගික කටයුතු ගැන කුතුහලයක්
දක්වති.එසේම ඒ පිළිබද නොයෙකුත් අත්හදා
බැලීම් වල නිරත වෙති. ඔවුහු වාහනයක් පැදවීම ,මධ්‍යසාර ආදීය ගැනීම වැඩිහිටි වියේ සංකේතයක්
ලෙසත් මුහුණපෑ යුතු අභියෝගයක් ලෙස සලකයි. මීට අමතරව ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන
යොවුන් දරුවන් බෝහෝ දෙනෙක් තමන්ගේ වටිනා කාලයෙන් සෑහෙන කොටසක් සම්බන්ධතා හා ඒ
සම්බන්ධ මනෝ ලෝකයක ජිවත් වීමට ගත කරති.මෙම තත්ත්වය පිලිබදව උපදේශකයෙකු දැනුවත්
භාවයකින් යුතු විය යුතුය. එනම්, යොවුන් වියේ ගැහැණු පිරිමි මිතුරු සම්බන්ධතා ඇති
වීම සමාන්‍ය දෙයකී. මෙමගින් විරුද්ධ ලිංගිකයන් ගැන දැනුම ලබා ගැනිම අවකශෙයක් පවතී.
යොවුන්වියේ දරුවන් විරුද්ධ ලිංගිකයන් සමග සම්බන්ධතා ගොඩනගාගත් පසු එය හදවතින්
බැදුණු එකක් වනු ඇත.තමන් බැදුණු පුද්ගලයා මත මානසිකය යැපෙන සුළු මට්ටමක්
පවත්වයි.මෙවන් සම්බන්ධතා කැඩීයාම හේතුවෙන් වියෝවීමේ ප්‍රතික්‍රියාව ඉතා තදබලය. මේ
නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් දරුවන් හට චිත්ත ධෛර්ය ගොඩනගා ගනිමින් අනාගතයට
මුහුණ දීමට ශක්තිය ඇති කිරිමට උපදේශකයා සතු වගකීමකී. එබැවින්, යොවුන් වියේ මෙම
තත්ත්වයන් පිළිබද වැටහීමක් උපදේශකයාට තිබිය යුතුය.
තරගකාරි ජිවන රටාවක් ගෙවන වර්ථමාන සමාජ ක්‍රමය
හමුවේ ලෝකයේ සිදු වන වෙනස්කම් අනුව යාමට සිදු වේ. ඒ හා සම්බන්ධ විමට නවීනතාක්ෂණික
උපකරණ හා මෙවලම් භාවිතා කිරීමට වැඩි වශයෙන් යොමු වන්නේ යෞවන වියේ දරුවන්ය. මේවායේ
යහපත් ප්‍රතිඵල වලය වඩා අයහපත් දෑ ග්‍රහණය කර ගැනීමට යෞවන වියේ දරුවන් පෙළබෙන්නේ
නිතැතිනි. උදාහරණයක් ලෙස පවසන්නේ නම්, ජංගම දුරකථන භාවිතය,අන්තර්ජාලය
භාවිතය,මුහුණු පොත,සයිබර් අවකාශය තුළින් අද සමාජය තුළ සිදු වන විවිධාකාර වු ගැටළු
වලට වැඩි වශයෙන් මුහුණ දෙන්නේ යෞවන වියේ පසුවන්නන්ය. විශේෂයෙන් අන්තර්ජාලය හරහා
ලබා ගන්නා ලිංගික අත්දැකීම් තුළින් යෞවනයන් තුළ ලිංගික අත්දැකීම් ප්‍රායෝගික තලයේ
ක්‍රියාත්මක කිරිම මෙන්ම, ඒ සදහා අත්දැකීම් ලබ ගැනීම සදහා ක්‍රියාත්මක වීම තුළ
විවිධ මානසික අක්‍රමිකතා වලට ගොදුරු වීමේ
සම්බන්ධතාව වැඩිය.
මිට අමතරය විවිධ හේතුන් මත යොවුන්වියේ
දරුවන් අතර බිය හා භිතිකා ඇති වන කාන්සාමය තත්වයන් දක්නට ඇත. ලැජ්ජාශිලී බව ඇතුළු
මද වශයෙන් පවතින කාන්සාමය තත්වයන් යොවුන්විය තුළ සුලභය. ජන සමුහයක් ඉදිරියට යාමට
බිය වීම වැනි සාමාන්‍ය ක්‍රියාවන් වලදී දැනෙන බිය දරුවන්ට ගැටලුය. මෙවැනි අවස්ථා
වලට මුහුණ දීමට වැලකී සිටිමට උත්සහ දරයි. මෙමගින් තත්ත්වය තවදුරටත් බරපතල විය
හැකිය. සමාජමය වශයෙන් ඇති වන භිතිකා වලට අමතරව වෙනත් භීතිකා වර්ගද ඇත. කළුවර ස්ථාන
වල සීටීමට ඇති බිය,දොර ජැනෙල් වැසු කාමරයක සිටිමට ඇති බිය,රුධිරයට ඇති බිය ආදිය වේ.බොහෝ විට මෙයට හේතු වන්නේ දෙමාපියන් දරුවන්
හදාවඩා ගන්නා ආකාරය විය හැකිය. පාසල් යමින් සිටින අතර තුර සමහර අවස්ථා වලදී
උන්හිටි ගමන් පාසල් යාමට ඇකමැත්ත පල කර සිටින දරුවන් සිටි. පාසල් ජිවිතයේ යම
ගැටළුවක් මොවුන් තුළ ඇති වීම හේතුවෙන්
කාන්සාවක් හා බියක් ඇති වී ඇති මිස
ඉගෙනුමට ඇති අකමැත්ත මෙයින් අදහස් නොවේ. මීට අමතරව ග්‍රස්ථිය අක්රමිකතාවය සියදිවි
නසා ගැනීම් මෙන්ම උග්‍ර මානසික රෝග වලටද තුරුණු වියේ දරුවන් ගොදුරු විය හැකිය.
එබැවින්, මෙම වයසේදී දරුවන් තුළ ඇති වන මානසික රෝගී තත්වයන් පිළිබද දැනුවත්
භාවයකින් යුක්ත වීම උපදේශකයෙකුට අත්‍යවශ්‍ය වේ.
මහළු අවධිය අවධිය හා ඒ පිලිබද දැනට
උපදේශකයකට වැදගත් වන ආකාරය.
මනුෂයා පරිනත විම ආකාර කිහිපයකින් සිදුවන බව අංගුත්තර
නිකායේ ,චතුත්ත නිපාතය, වුද්ධාචායන සුත්‍රයේ දක්වා ඇත. එනම් වයසින්, නැණ
නුවනින්,ගුණවත්කමෙන්,සිල්වත්කමෙන්, තපෝභාවයෙන්ය.මේ මගින් දක්වන්නේ පුද්ගලයා තුල
සිදුවන පුර්ණ සංවර්ධනයයි.
මනෝ විද්‍යාඥ “ එරික් එරික්සන්ට” අනුව මනුෂයා තම ජිවිත
කාලය තුල විවිධ සංවර්ධන අවධි ඔස්සේ ගමන් කරති.එම ගමනේ අවසාන වර්ධන අවධිය ලෙස මහළු
වියයි. එහෙත් එම අවධියේ වර්ධනයට මුලිකම වහයෙන්ම හේතුවන්නේ , ළමා හා ගැටවර වියේ සංවර්ධනයයි.එහෙයින් ,මහලු
විය සංවර්ධනයේ කූටප්‍රාප්තිය ලෙස හැදින්විමට පුලුවන.
ශ්‍රි ලංකාවේ වැඩිහිටියන් ලෙස සලකන්නේ වයස අවුරුදු 60 ට
වඩා වැඩි වයස් ගත වුවන්ය. එසේම වයස අවුරුදු 60-74 දක්වා වෘද්ධ වශයේන්ද,75 ට වඩා
වැඩි පුද්ගලයන් වයෝවෘද්ධ ලෙස ද නම් කෙරේ.එනමුත් බටහිර රටවල මෙම වයස අවුරුදු 65 ට
වඩා වැඩි අය වැඩිහිටියන් ලෙස සලකයි.
කුමන රටක කුමන ආකාරයට වැඩිහිටියා යන්න කෙසේවිග්රහ කලත්
වැඩිහිටියා යනු තම රටට,සමාජයට විශාල සේවයක් කරන ලද හා කරමින් සිටින
ගෞරවාන්විත පිරිසකි ලෙස හදුන්වා දිය
හැකිය.
අතීත සමාජ වල වැඩිහිටියා යනු සමාජය සමාජය බල ගන්වන සැබැ
ක්‍රියාකාරි මැදිහත් කරුවෙකු විය. බිම් මට්ටමේ සමාජ,සංස්කෘතික,ආගමික,නෛතික හා
දේශපාලනික යන සෑම සමාජ සංවිධානයකම ප්‍රගමන වෙනුවෙන් සෘජුවවත් වක්රවත්
වැඩිහිටියා ක්‍රියාකාරි මැදිහත් කරුවෙකු
විය.මේ තුල ඔහුගේ රැකවරණය සුරක්ෂිත විය. ආරක්ෂාව තහවුරු විය.
කර්මිකරණය,යාන්ත්‍රිකරණය,නාගරිකරණය,බටහිරකරණය,නවිකරණය,
ගෝලීකරණය මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුලින් ද සමාජට එල්ල වු බලපෑම සුළුපටු
නොවේ.මේ තුල සමාජ ක්‍රමය තුල ඇති ප්‍රධානතම
සංස්ථාව වන පවුල් සංස්ථාව පැවති විස්තෘත පවුල් ක්රමයේ සිට න්‍යෂ්ටික පවුල් ක්‍රමයක්
දක්වා විතැන් විය. පැවති සළ ආර්ථික ක්‍රමය වෙනුවට තරඟකාරි ආර්ථික රටාවක් දක්වා
වෙනස්විම තුල නිවෙස් තුල රැදි සිටි කාන්තාව රැකියා සදහා යොමු වු අතර ඇයගේ භූමිකාව
සපුරා වෙනසකට ලක් විය.මේකි නොකි කරුණු හමුවේ වැඩිහිටියා සමාජය තුල ,පවුල තුල
විවිධාකාර ගැටළුකාරි තත්ත්වයක්ටමුහුණ පැමට සිදු වි ඇත.එමෙන්ම සිඝ්‍ර ලෙස වැඩිවන
වැඩිහිටි ජනගහන හමුවේ මෙම ගැටළු දෙගුණ තෙගුණ වි ඇත.
කෙසේ වුවත් උපදේශකයකු වැඩිහිටිවියේ දක්නට ඇති ලක්ෂණ
හදුනා ගනිම වැදගත්ය.
·
කායික
ලක්ෂණ (හිසකෙස් සුදු විම, හම රැලි වැටිම,කණ් ඇසිම අඩු විම,ඇස් පෙනිම දුර්වල විම
ආදි.
·
මානසික
ලක්ෂණ (මතකය අඩු විම, චිත්තවේගි හැසිරිම.ඝෘණාත්මක සිතුවිලි,දුක්මුසු බව)
·
සමාජීය
ලක්ෂණ (සමාජයෙන් ඇත්විම,රුකියාවෙන් විශ්‍රාම යාම.තවත් අයකුගේ යැපිම් මට්ටමට පත් වි
සිටිම)
·
චර්යාත්මක
ලක්ෂණ (හැසිරිමේ විවිධ ගැටළු)
බෙහෝ විට මෙම අවධිය වන විට දරුවන් විවාහ පත්වි
ඇත.වැඩිහිටියා දරුවන් ලග හෝ තතිව ජිවත් වන තත්ත්වයට පත් වි සිටියි..විශේසයෙන්
වියපත්විමේදි පුද්ගලයා තුල ඇතිවන කායික,මානසිහා චිත්තවේගි වෙනස්කම් හදුනා ගැනිම
ඔහුන් සමග ඇතිකර තන්නා සම්බන්ධතාවයන් වඩාත් ශක්තිමත්විමට ඉවහල් වේ.මාස්ලෝගේ අවශ්‍යතා
ධුරාවලියට අනුව එමෙන්ම මෙම අවධිය තුල වැඩිහිටියා අපේක්ෂා කරන අවශ්‍යතා රාශියක් ද වේ.
·
කායික අවශ්‍යතා



·
ආරක්ෂක අවශ්‍යතා
·
සමාජිය අවශ්‍යතා
·
සම්මානනීය අවශ්‍යතා
·
ආත්ම සාක්ෂාත්කරණය
කායික අයවශ්යතා යනු මුලික අවශ්‍යතාවය වේ. සැම මනුෂයකුටම පොදු වු
කුසගින්න,පිපාසය,සෙවන,ලිංගික අවශ්‍යතා ආදිය වේ. වැඩිහිටිවියේ වුවද මෙම අවශ්‍යතා
පොදු වේ. විශේෂයෙන් පෝෂණය ඉතා වැදගත්ය.බෝහෝ දෙනා වැඩිහිටිවියන් යුවල දරුවන්
දෙදෙනෙකු තම අවශ්‍යතා ඉටුකර ගැනිමට රදවා ගනියි. නමුත් වියපත් වුවද ඔවුනට
පෞද්ගලිකත්වය, ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනිමට අවස්ථාව තිබිය යුතුය. වැඩිහිටිවියේදි
මෙම අවශ්‍යතා ඉටු නොවු කල වැඩිහිටියා තුල ගැටළු ඇති වේ. එබැවින් මේ පිළිබදව
උපදේශකයාට අවබෝධයක් තිබිම ඉතා වැදගත් වේ.
ආරක්ෂණ අවශ්‍යතා යනු රැකියාවේ සුරක්ෂිත බව,බාහිරින්
වශයෙන් ඇතිවන උවදුරු වලක්වා ගැනිම,ආත්ම සැකය හා අනවබෝධය බැහැරකර ගැනිම ආදිය
වේ.සමාජීය අවශ්‍යතා යනු අන්‍යයන්ට ආදරය කිරිම,ඔහුන්ගෙන්ආදරය ලබා ගැනිම ,යම්
සමුහයකට අයත් විම ආදිය වේ.ආත්ම ගරුත්වය, කාර්ය සාධනය,නිදහස හා
ස්වාධිනත්වය,තරාතිරම,අන් අයගේ අවධානය හා පිළිගැනිම ආදිය සම්මානනී අවශ්‍යතා වේ.
වැඩිහිටිවියේ මෙම අවශ්‍යතා ඉතා වැඩිය.මෙම අවශ්‍යතා ඉටු නොවු කල වැඩිහිටියා මානසික
මෙන්ම කායිකවද රෝගි තත්ත්වයට පත් වේ.ආත්ම සාක්ෂාත්කරණය යන්නෙන් අදහස් වන්නේ තම
හැකියාවන්ගේ උපරිම මට්ටමේ තලයට පත් විමයි.
එමෙන්ම වයස්ගත විමත්
සමඟ පුද්ගලයා ශරිරික,මානසික,සාමාජීය වශයෙන් අවධානම තත්ත්වයකට පත් වේ. වයසට යාමත්
සමඟ පුද්ගලයාගේ මොලයේ යම් යම් ව්‍යුහාත්මක වෙනස් විමි වලට ලක් වේ. මොලයේ ශෛල අඩු
විම,මොලයේ බර අඩු විමආදි කරුණුය.මේ තත්ත්වය මත සිතිම,ගැටළු විසදා ගැනිම ආදි කරුණු
වලදි යම් යම් අක්‍රමිකතා ඇති වේ.මෙවැනි තත්ත්වයන්
හේතුවේන් වැඩිහිටියාට වන බලපෑම හමුවේ වැඩිහිටියන් මුහුණ දෙන ගැටළු ප්‍රධාන
වශයේන් කරුණු 03 ක් ඔස්සේ විග්‍රහා කල හැකිය.
කායික ගැටළු (අත් පා වාරු නොමැතිවිම.කණ් ඇසිම අඩු
විම,ඇස් පෙනිම දුර්වල විම ආදි.
මානසික ගැටළු (මතකය
අඩු විම,චිත්තවේගි අසමබරතාවය ආදිය )
මනෝ
සමාජීය හා අධ්‍යාත්මික ගැටළු. (පිළිගැනිම
අඩු විම, සමාජයෙන් ඇත් විම ආදිය )
මනෝ
විද්‍යාත්මක ගැටළු. (කැදැල්ල හිස් විම,පවුලේ කාර්යභාර්ය අහිමි විම,සහකරු මිය යාම
හෝ ඔත්පල විම ආදි)
මානසික
හා චර්යාමය ගැටළු.(මානසික අපහසුතා,මානසික රෝග )
වැඩිහිටියාමනෝ
සමාජීය ගැටළු යනු සමාජිය හා පරිසර සාධක මුල් කරගෙන පුද්ගලයාගේ මනෝ විද්‍යාත්මක පැවැත්මට තර්ජනයක්
වන ගැටළුය.මනෝ විද්‍යාත්මක ගැටළු යනු වැඩිහිටියා කායිකව හා මානසිකව හුදකලා විම,ජිවිතයේ
බලාපොරොත්තු සුන් විම,අනාගත අපේක්ෂා රහිත විම,කල්පනා ශක්තිය හින විම,මතකය අවුල් වි
යාම ආදි කරුණු හේතුවෙන් මුහුණ දෙන ප්‍රශ්ණය මේ සදහා කැදැල්ල හිස් විම,පවුලේ
කාර්යභාර්ය අහිමි විම ආදි කරුණු බලපායි.
වැඩිහිටිවියත් සමඟ ඇති වන රෝගි තත්ත්වයන් මානසික හා
කායික ලෙස වෙන්කර දැක්විම අපහසු කරුණකි. මක් නිසාද යත් වැඩිහිටියාගේ කායික රෝග වල
මානසික කොටසකුත්,බෝහෝ මානසික රෝග වල කායික රෝග මුලාශ්‍රයන් ද තිබෙන බැවිනි.
කෙසේ වුවත් වැඩිහිට්වියේදි මුහුණ දෙන මානසික හා චර්යාමය
ගැටළු වර්ග කර දැකවිය හැකිය.
·
මානසික
රෝග නොවන මානසික අපහසුතා.
·
මානසික
රෝග
මානසික අපහසුතාවක් යනු මානසික රෝගයක් නොවන, යම් මානසික
හෝ චර්යාමය අපිළිවෙලක් හෝ අවප්‍රමාණයකි. මෙහිදි දෛනික කටයුතු සුපුරුදු පරිදි කරලෙන
යාමට බාධාවක් වන ආකාරයේ යම් යම් අපහසුතාවනන් පුද්ගලයාට පෞද්ගලිකව දනෙන නමුත් බෝහෝ
විට එවැනි තත්ත්වයන් බාහිරින් විද්‍යාමාන නොවන නිසා එවැන්නක් එකවර හදුනා ගත
නොහැකිය.
මානසික රෝග හුදෙක් මානසික අපහසුතාවයට වඩා බරපතල
තත්ත්වයකි. පුද්ගලයාගේ හැඟිම්,සිතුවිලි,ආවේදන තුලින් නිරික්ෂණය වන අතර අමුතු
හැසිරිම් නිසා එවැනි පුද්ගලයන් පහසුවෙන් හදුනා ගත හැකිය.
ඒ අනුව එවැනි මානසික හා චර්යාමය අක්‍රමිකතා පහත ආකාරයට
දැක්විය හැකිය.
·
ක්ලමතය.
·
කාංසාව.
·
මනෝ
දෙහික අබාධ.(කාය රෑපික ආබාධ)
·
ග්‍රාස්තිය
අනිවාර්යතා අක්‍රමතාවය.
·
විෂාදය.
·
චිත්ත
වික්ෂේපය. (ඩිමේන්සියා)ඇල්සයිමර්.
මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව මෙන්ම රෝග ලක්ෂණ හා රෝගි
තත්තවයට බලපෑ හේතු පිළිබද අවබෝධයක් උපදේශකයා තුළ තිබිය යුතුය.
මෙම අවධිය තුළදී බෝහෝ සෙයින් වියපත් තැනැත්තන්ට
නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වන මනෝ විද්‍යාත්මක ගැටළු කෙරෙහි උපදේශකයෙකුගේ අවධානය
යොමු විය යුතුය. මනෝ විද්‍යාත්මක දෘශ්ඨ කෝණයෙන් බලන විට, මහළු වියේදී මනුෂ්‍යන්ට
මුහුණ දීමට සිදු වන වඩාත් බරපතල ප්‍රශෟන හා ගැටළු කිහිපයක් පෙන්වා දිය හැකිය.
·
කායික
හා මානසික හුදකලා වීම.
·
ජිවිතයේ
බලාපොරොත්තු සුන් වීම.
·
අනාගත
අපේක්ෂා රහිත වීම.
·
කල්පනා
ශක්තිය දුර්වල වීම.
·
මතකය
අවුල් වීම හා අමතක වීම බහුල වීම.
මෙවැනි
ගැටළුකාරී තත්ත්වයක ප්‍රථිපලයක් වශයෙන් පසුකාලීනව වැඩිහිටියන් තුළ නොයෙක් ආකාරයෙන්
කායික හා මානසික ගැටළු ඉස්මතු වීමටඉඩ ඇත. මෙම අවධ උක්තව ගැටළු ඇති කරගෙන මනෝවිද්‍යාත්මක
හේතු මොනවාදැයි උපදේශකයා අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය.
මෙම අවධියේ ඇති වන ප්‍රශ්න හා ගැටළු පිළිබද තවදුරටත්
සාකච්ඡා කිරිමේදී බොහෝ වැඩිහිටියන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබීම මත ගැටළු ඇති
වීම.එසේ නොමැතිනම් තමන්ගේ දේපළ තම දරුවන්ට පවරා දිමට ආර්ථික ගැටළු ඇති වේ. ආර්ථික
වශයෙන් ගැටළු ඇති වන විට වැඩිහිටියා කායික මෙන්ම මානසිකවද දුරුවල විය හැකිය. මෙම
අවධියේ සියළුම වැඩිහිටියන් අක්‍රීය පුද්ගලයන් නොවේ.විශාල හැකියා වලින් පිරි
පිරිසක් වේ.මෙම අයගේ සැගවී ඇති හැකියා ස්මතු කර ඔහුගේ ගැටළු අවම කර ගැනීමට
උපදේශකයා වැඩිහිටියාගේ කුසලතා දියුණු කල යුතුය.
වර්තමානයේදී නව
පරපුරේ දරුවන් හා වැඩිහිටියන් අතර ඇත්තේ ගැටුම්කාරී සම්බන්ධතාවයකි. වැඩිහිටියා යනු
කාලයට තාලයට නොගැලපෙන යල්පැන ගිය අදහස් ඇති අයෙකු ලෙස දරුවෝ සළකති.වැඩිහිටි වියේ
යනු ඩිවිතයේ තවත් සංවර්ධන අවධීයක් බවත් මෙම අවධියේ වුවද, ජිවිතයේ ආරම්භය සිදු
කිරිමට හැකියාව ඇති බව හා ඊට ඇති අවස්ථා පිළිබද සේවා දායකයා දැනුවත් කිරිමට
උපදේශකයා ඒ පිළිබද දැනුවත්භාවයකින් යුක්ත විය යුතුය.
අද වන විට
වැඩිහිටියා පවුල තුළ හුදකලා වීමට ලක් වී ඇති ආකාරය පිළිබද සමාජය තුළින් විටින් විට
ඇසෙන පුවත් වලින් පෙනේ.වැඩිහිටි රැකවරණය
පවුල තුළම ලබා දීමට පවුලේ දරුවන් මුණුබුරන්ට අවබෝධය ලබා දීමටනම් උදේශකයා එම
ගැටළුකාරී තත්ත්වය පිළීබද දැනුවත් විය යුතුය.
වැඩිහිටි පිරිස් බොහෝ කතා කිරීමට ප්‍රිය වෙතී. නමුත්
ඔවුන්ගේ කතා අසා සිටිමට අයෙකු නොමැති වීම තුළ වැඩිහිටියා හුදකලාභාවයට පත් වේ. තම
බිරිද හෝ ස්වාමියා නොසිටීනම් මෙම තත්ත්වය තවත් බරපතල වේ. හුදකලා විම හේතු කොටගෙන
වැඩිහිටියා තුළ මානසික ආතති තත්ත්වයන්, කාන්සාමය තත්ත්වයන් ඇති විය හැකිය. මේ
තුලින් විවිධ කායික රෝ( දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදීය) ඇති වීමේ අවධානමක් ඇති
වේ.
එබැවින් එම ගැටළුකාරී තත්ත්වයන් පිළීබද උපදේශකයා දැනුවත්
විය යුතුය.
වැඩිහිටි වියේදී ජිවිතයේ සාර්ථක තත්ත්වයට හේතු වන්නේ එක්
කරුණක්නම් නිරෝගීතාවයයි. එය කායික හා මානසික ලෙස දෙයාකාර වේ.නිසි පෝෂණය ,ව්‍යායාම,පිරිසිදු
කම,විවේකය අවශ්‍ය වේ.මේවා වැඩිහිටියාට ඒත්තු ගැනිවීමට අපදේශකයා දැනුවත්භාවයකින්
යුක්ත විය යුතුය.එමෙන්ම පවුල තුළ,සමාජය තුල සම්බන්ධතා පවත්වාගෙන යාමට අවශ්‍ය
වටාපිටාව සකසා ගන්නේ කෙසේද , ඝෘණාත්මක සිතුවිලි රටාවන් හදුනාගෙන ඒවා ධණාත්මක
සිතුවිලි වලට හැරවීමට උපදේශකයාට සිදු වේ.එමෙන්ම මොවුන්ගේ චිත්තවේග සමබරතාවය ඇති කර
ගැනීම ද ඉතා වැදගත් වේ.
වැඩිහිටි වියේදී දක්නට ඇති තවත් ගැටළුකාරී තත්ත්වයක් නම
ඉච්චාබංගත්වයට හා ප්‍රාර්ථනා ශුන්‍යතාවයට ගොදුරුව දුක් විදින තත්ත්වයකි.මීට අමතරව
එරික් එරික්ෂන්ට අනුව වැඩිහිටි වියේ මුහුණපාන ප්‍රශ්න හා ගැටළු වලට ප්‍රධානතම
සාධකය වන්නේ වැඩිහිටි වියේ “අනන්‍යතා අර්බුදයයි.” මෙම අවස්ථාවේදී උපදේශකයා වැඩිහිටියාට ආත්ම ගවේශණයට ලබා
දීමට හා ආත්ම අවබෝධය වර්ධනය කිරිම මගින් ගැටළුවට සාර්ථකව මුහුණ දීමට යොමු කල
යුතුය.
වැඩිහිටියා යනු දැනුම ,අවබෝධය හා අත්දැකීම් වලින් පරිණත
අයෙකි.එහෙයින් වැඩිහිටියා සමග කටයුතු කිරිමේදී උපදේශකයා කල්පනාකාරී විය යුතුය.සමහර
අවස්ථා වලදී උපදේශන සහය එකහෙළා ප්‍රතික්ෂේප කිරිමට පුලුවනී.එම නිසා වැඩිහිටි අවධිය
පිළිබද මනා දැනුමකින් උපදේශකයා සුසැදි විය යුතුය.
Great Article.
ReplyDeleteI studied needful details from this article
Good job👆💪💪💪💪
ReplyDeleteThank you for this article 👍
ReplyDeleteGreat job ......💪👍👍👍👍
ReplyDeleteGreat
ReplyDeletexn--o80b910a26eepc81il5g.online - Xn -o80b910a26eepc81il5g.online
ReplyDeleteXn--o80b910a26eepc81il5g.online. Online. Play Online. Play Online. Play Online. 12bet Play 카지노 Online. Play Online. Play bet365 Online. Play Online. Play Online. Play Online.